About Us

-->
▬▬▬▬۩۞... නමෝ බුද්ධාය ...۞ ۩▬▬▬▬

මෙයින් පස්විසි ශතවර්ෂයාධික කාලයකට පෙරැ දියතෙහි පහලැවූ වීතරාගිකයාණෝ දෙව්, මිනිස් ලොවැ ඉක්මවමින් අනන්තාපරිමාණ සක්වලයන්හි දම් අමාබිදු වැසි වැස්සවූ සේකැ. එදියෙන් ලතෙත් වූ ගිණිය නොහැකි තරම් අපරිමාණ සත්වයෝ නිවන් දොර විවරකර ගත්තාහුය.  නිවන් පුරටවන් උතුමන්ගේ ගණන අටුවාචාරී උතුමන්ගේ අනුමානය අනුව සූවිසි අසන්ඛෛය නව‍කෝටි හැටලක්ෂයක් පමණයැ.
මේ මහාභද‍්‍ර කල්පයෙහි පළමුවැනි අන්තඃකල්පයෙහි ලොව පහළවී වදාළ කකුසද බුදුරජාණන් වහන්සේ අවුරුදු හතලිස්දහසක්ද, දෙවන අන්තඃකල්පයෙහි ලොව පහළවී වදළ කෝණාගමන බුදුරජාණන් වහන්සේ අවුරුදු තිස් දහසක්ද , හා ‍‍තෙවන අන්තඃකල්පයෙහි ලොව පහලවී වදාල කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අවුරුදු විසිදහසක්ද ආයුවින්දනය කළහ. සිව්වන අන්තඃකල්පයේ පහලැවී වදාළ අප සිද්ධාර්ථ ගෝතමයන්වහන්සේ බුද්ධෝත්පාදිතව පන්සාලිස් වසක් පමණක් වූ අල්පායුෂයක් ආයුවළදා ආයුසංස්කාරය කලහ. මින් පෙර බුදුවූ උතුමන් අතරැ අසූදහසක් කල් වැඩසිටි නිදුකානන් වහන්සේලා වැඩ සිටියද ( විපස්සී බුදුරජාණන් වහන්සේ  වැනි ) උන්වහන්සේලාගේ ආයු සංස්කාරයත් සමග සසුන අතුරුදන්වැ ගියහ. එහෙත් සිද්ධාර්ථ ගෝතම සුගත තථාගතයාණෝ පිරිනිවීමෙන් පසුද පන්දහසක් කලකට සසුන පවතින්නට අධිෂ්ඨාන කල සේක. 

ආමිශයද ප‍්‍රතිපත්තියද ... ...
මෙකලැ අප බුද්ධාභිෂේකයෙන් දෙදහස් හයසිය වැනි ශ‍්‍රී සම්බුද්ධ ජයන්තිය සමරමු. ඒ සැමරුම ආමිෂ සැමරුමක් මිස ප‍්‍රතිපත්ති සමැරුමක් ලෙස දැක්වීමට අපනම් මැලි වෙමු. මන්ද යත් පුවත්පත් ආදී වූ සන්නිවේදන මාධ්‍යයන්දෙස බැලූකල මෙකල්හි සිදුවන අපරාධ වෙන කිසිදුකලෙක නොවූවිරූතරම්ය. මිත්‍යාදෘෂ්ඨිකයෝ සිය ආගම් සත්‍යවාදී බව පවසමින් අත්ලස් දෙමින් බොදුනුවන් මං පහරවා සිය මිත්‍යාදෘෂ්ඨික ගොඩට දමා ගනිති. විහාරාරාම විනාශ කරති. මින් ඔවුන් බලාපොරොත්තුවනුයේ සසුන අතුරුදන් කිරීමයැ. අනෙක්පසවුන්අපි බොදුන්වෝයැයි හඩතලමින් පංච දුෂ්චරිතයම සැපය කොට ජීවත් වෙති. පංචස්කන්ධය පිනවමින් රසාස්සාදය සොයන්නන් මිස චිත්තාභ්‍යාස කෙරෙහි ලොල් වූවෝ නොවෙති. ඒවා බැහැරකරති. ආමිෂ පූජාවන් පමණක් සිදුකරමින් සිත් සනසවා ගනිති. එසේ උවද රාගයෙහි ලොල් වූ ඒ චිත්ත සන්තානයෝ මෙය පූජා භූමියයැ, මේ මගුලයැ, මේ අවමගුලයැ නොහදුනති. රාගික සිත සතපවනු වස් මගුලට උව නුසුදුසු පිළියෙන් සැරසෙති. භවත් මහණගොයම්හු නිතොර ‍දෙසුයේ චිත්තසන්තානයෝ රා,දොස්,මෝ යන ක්ලේශයන්ගෙන් වලකාගන්නා ලෙසයැ. එසේම තවෙකකු සිතක එවන් සිත් පහලකලහු නම් එවන්නවුන් මහත් අකුසලයක් සිදුකරන බවකි. තව අයුරකින් කිවහොත් යම් කාන්තාවක් විලාසිතායැයි කියමින් යමෙකු සිත තුල රාගික චේතනා උපදවන පිළියෙන් සැරසුනහොත් එය අනුනට මෙන්ම තමනටද සිදුකරගන්නා මහත් අවැඩකි.

රූපලාවන්‍යයන් කොයිබටද?
ඉතා මෑත කාලයේ එක් භාවනා යෝගික හිමියන්කෙනෙක් ඉදිරියේ පෙනී සිටි පේ‍්‍රතියකි. ඇගේ මුහුණින් කුණුව ඕජාවෝ ගලමින් තිබින. එහි පුණුවන් පිරී සිටිති. එසේ වීමට හේතුව විමසූ හිමිපාණන්ට පිළිතුරු දුන් ඕස්වාමීනී, මා මිය යනවිට මැදිවියද පසුකර සිටියෙමි. එකල මගේ මුහුණ අවපැහැගෙන තිබිණි. ශරීර කාන්තියද අඩුව තිබිණි. එහෙත් මා රූපලාවන්‍යාගාරයකින් නිතර ඒවා පිළිසකර කරගතිමි. මුහුණෙහි පලුදු වසා ලාබාල පෙනුමක් ලබාගතිමි. මේ සියල්ල සිදුකලේ යටිසිතේ බලාපොරොත්තුවකිනි. ඒ අන්‍යයන් හට විශේෂයෙන් පුරුෂයන් හට මාගේ නියම ස්වභාවය සගවා ඔවුන් මාවෙත ආකර්ශනය කරගැනීමටයැ. ඒ සියල්ල ඒ අයුරින්ම සිදුවිය. අවසනදී මිය පරලොව ගියේ මෙලෙසින් පූර්ව විපාකයෝ පඩිසන් දෙති.මෙලෙසින් වත්මනෙහි බොහෝදෙනා පින,පව, කුසලය,අකුසලය නොදැන අපාගත වෙති.


ධර්ය බැබලීමට නම් ... ...
මෙවන් වකවානුවක් තුල ආශ්චර්යවත් ශ‍්‍රී සද්ධර්මය සැගවී ඇත. මන්දයත් සද්ධර්මය නිරන්තරයෙන් බබලන‍්නේ විවෘත වූ විට පමණක් බැවිනි. මිත්‍යාදෘෂ්ඨීන් පිරී ඇති සමාජයක සද්ධර්මය සැගවී යයි. එසේම මුදල් පසුපස දිවයන්නවුන්ට අවැසිය තිබුනද කාලය හරස්වේ.
එවන් වකවානුවක් තුල අසිරිමත් පවිත‍්‍ර සද්ධර්මය රූපමය මාධ්‍යයෙන් ඔබවෙතගෙන ඒමට කෙරෙන පුංචි වෑයමකිසමිදුවරුණ ‘. ඉතා සරළව බුද්ධ භාෂිතයන් ගෙන ඒමට අප උත්සාහ දරා ඇත. මෙමගින් ඔබ යම් තරමකින් හෝ සත්‍ය ධර්මය වටහා ගනීනම්, තෙරුවන් කෙරේ අචල ශ‍්‍රද්ධාව ඇතිකරගනීනම්, කෝටි ලක්ෂයක් සක්වලයන්හි ආඥාචක‍්‍රය පැතිරවූ බුද්ධ ශක්තිය හදුනාගනීනම් අපගේ අරමුණ ඉටුවූවා වැනිය.


ලොවට නිර්මල දහම රැගෙනයමු ... ... ...
වත්මව‍නෙහි  ලොවම යුධයෙන් වෙලී ඇත. එකිනෙකා මරාගනිති. මානවයා සිය වර්ගයා විනාශකරමින් ගමන් කරන්නේ කොයිබටදැයි නොදනිති. වෛරය, කෙ‍්‍රෘ්දය, ඊර්ෂාව, ආදී සිතිවිලි නැමැති මාරායුධයන්ගෙන් සන්නද්ධ වූ මනු + සතුන් ලොව විනාශ කරති. අපහට ඔවුන වෙනුවෙන් භෞතිකව සිදුකලහැකි යමක් නැතත් ලොවක් පාලනයකිරීමට තරම් ශක්තිමත් වූ ආධ්‍යාත්මික ශක්තීයක් ඇත. ඒ ලොව්තුරු ශ‍්‍රී සද්ධර්මයයි. ඒ උත්තම දහම ලෝකයට සිරිලකින් දියහැකි අනර්ඝතම දායාදය වන්නේය. අද ලෝ වැස්සෝ මිත්‍යා දහම් මගහරිමින් සද්ධර්මය වටා රොක්වෙති.
බුදු දරුවන් ලෙස අප අතර අති ඒ මහා නිධානය ලෝ වැසියන් අතර බෙදාහැරිම්න් අප යුතුකම ඉටුකල යුතුව ඇත. බොහෝ ජන හිතසුව පිණිස දහම රැගෙන යන ලෙස ශාක්‍යසිංහයෝ සැමවිටම අවධාරණය කලහ. ඒ යුතුකම ඉටුකරමින් ලොවට අමාවැසි වැස්සවීම පෙළගැසෙමු. පන්සාළිස් වසක් මුලුල්ලේ වට වර්ෂා දිය දහරාවෝ කෙමෙන් වියලීමට පටන්නෙ ඇත. එසේ උවද දම් වළාවෝ තවම අතුරුදන් නොවී ලෝ සැරිසරති. ඒ අමාදම් වැසි වස්සවා ලෝ දනන් ලතෙත් කිරීමට අත්වැල් බැදගනිමු. මා අමතන්න ... ...

http://www.facebook.com/eranda.silwa

Free HTML Blog 4u